සේ.අ.අ. පනතේ 5 (1) ඉ. වගන්තිය අනුව, සේ.අ.අ පනතේ අරමුණු සඳහා කඩිනමින් අවශ්‍ය නොවන අරමුදල්, මුදල් මණ්ඩලය විසින් සුදුසු යැයි සලකන සුරැකුම්පත්වල ආයෝජනය කළ හැකි අතර එම සුරැකුම්පත් විකිණීමද කළ හැකිය. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල් විචක්ෂණශීලි සහ නව්‍ය කළමනාකරණ ක්‍රම හරහා එහි සාමාජිකයින්ට උපරිම විශ්‍රාම ප්‍රතිලාභ ලබා දීමේ අදහසින් ආයෝජනය කරනු ලබයි.
සංඛ්‍යාන සටහන 1: ආයෝජන කළඹ
ආයෝජන වර්ගය | 2022 | 2021 | ||
---|---|---|---|---|
වටිනාකම (රු.බි.) | දායකත්වය (%) | වටිනාකම (රු.බි.) | දායකත්වය (%) | |
භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් | 3,358.6 | 96.9 | 2,958.8 | 93.2 |
සමාගම් කොටස් | 80.9 | 2.3 | 121.1 | 3.8 |
සාංගමික ණය උපකරණ | 23.6 | 0.7 | 23.9 | 0.8 |
ස්ථාවර තැන්පතු | – | – | 57.2 | 1.8 |
ප්‍රති විකුණුම් ගිවිසුම් | 3.4 | 0.1 | 12.3 | 0.4 |
එකතුව | 3,466.5 | 100.0 | 3,173.3 | 100.0 |
2022 වසරේදී අරමුදලේ මුළු ආයෝජන ආදායම රුපියල් බිලියන 315.9 ක් විය ( සංඛ්‍යාන සටහන 2). පොලී ආදායම අරමුදලෙහි ප්‍රධාන ආදායම වූ අතර එය 2021 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 293.7 සිට 2022 වසරේදී රුපියල් බිලියන 349.3 ක් දක්වා සියයට 18.9 කින් වර්ධනය විය. කොටස් ආයෝජන කළඹෙන් ලබාගත් ලාභාංශ ආදායම 2021 වසරේදී උපයාගත් රුපියල් මිලියන 6,685.5 ට සාපේක්ෂව 2022 වසරේදී රුපියල් මිලියන 7,527.8 ක් දක්වා සියයට 12.6 කින් වර්ධනය විය.
සංඛ්‍යාන සටහන 2: ආයෝජන මගින් ලද ආදායම්
ආදායම් මූලාශ්‍රය | 2022 | 2021 | ||
---|---|---|---|---|
වටිනාකම (රු.මි.) | දායකත්වය (%) | වටිනාකම (රු.මි.) | දායකත්වය (%) | |
පොළී ආදායම | 349,269.2 | 110.6 | 293,678.3 | 85.8 |
වෙළඳපොළ මිලට අගය කිරීම මත ලාභ/ අලාභ – කොටස් ආයෝජන |
(40,878.1) | (12.9) | 41,840.1 | 12.2 |
ලාභාංශ ආදායම | 7,527.8 | 2.4 | 6,685.5 | 2.0 |
මූල්‍ය වත්කම් හානිකරණය | (3.9) | – | (1.0) | – |
එකතුව | 315,915.0 | 100.0 | 342,202.9 | 100.0 |
2021 වසර අවසාන වනවිට කල්පිරිම අනුව රාජ්‍ය සුරැකුම්පත් කළඹේ සංයුතිය සහ ඵලදා අනුපාතිකය සංඛ්‍යාන සටහන 3 මගින් දක්වා ඇත.
සංඛ්‍යාන සටහන 3: රාජ්‍ය සුරැකුම්පත් කලඹේ කල්පිරීමේ ව්‍යූහය
කල්පිරීම | පරිණත වටිනාකම(රු.මි.) | දායකත්වය(%) | බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය (%) |
---|---|---|---|
වසරකට වඩා අඩු | 144,212.7 | 5.0 | 7.73 |
වසර 1-2 | 357,622.3 | 12.3 | 8.82 |
වසර 3-4 | 592,422.7 | 20.4 | 10.32 |
වසර 5 ට වැඩි | 1,809,671.8 | 62.3 | 11.49 |
එකතුව | 2,903,929.5 | 100.0 | 10.73 |
අරමුදලේ සමස්ත ප්‍රතිලාභය
2022 වසරේදී අරමුදලෙහි සමස්ත දළ ආදායම රුපියල් බිලියන 316.2 ක් විය (සංඛ්‍යාන සටහන 4). මෙහෙයුම් වියදම් සහ බදු වෙන් කිරීම් අඩු කළ පසු 2022 වසරෙහි ශුද්ධ ලාභය රුපියල් බිලියන 264.1 ක් වූ අතර එය 2021 වසර සමග සැසදීමේදී සියයට 11.7 ක පහළ යෑමකි. 2022 වසර අවසානයේදි සාමාන්‍ය ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය සියයට 9.51 ක් ලෙස පවත්වා ගැනීමට සේවක අර්ථසාධක අරමුදලට හැකි වූ අතර, අරමුදලෙහි මෙහෙයුම් වියදම් අනුපාතය දළ ආදායමට සාපේක්ෂව 2022 වසරේදී සියයට 0.67 ක් ලෙස පවත්වා ගෙන යාමට හැකි විය.
2017 අංක 24 දරණ නව දේශීය ආදායම් බදු පනත , 2018 අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වීමත් සමග අරමුදලෙහි ආදායම් බදු අනුපාතය සියයට 10 සිට සියයට 14 දක්වා ඉහළ ගියේය. 2022 ඔක්තෝබර් 1 සිට වාසික පුද්ගලයින් සඳහා ලැබුණු හෝ ලැබීමට නියමිත ලාභාංශ සඳහා අදාළ ආදායම් බදු අනුපාතය සියයට 15 la වේ. 2021 දී මිලියන 41,657 ක්ව පැවති බදු වියදම 2022 වසරේදී රුපියල් මිලියන 49,982 දක්වා සියයට 20.0 කින් ඉහළ ගියේය.
ඒ අනුව, 2022 වසරෙදී සේවක අර්ථසාධක අරමුදල විසින් සාමාජික ශේෂයන් මත සියයට 9.00 ක පොලී අනුපාතයක් ප්‍රකාශයට පත් කරන ලදි.
සේවක අර්ථසාධක අරමුදලෙහි වසර පහක කාර්යසාධනය පිළිබඳ සාරාංශය සංඛ්‍යාන සටහන 4 මගින් දක්වා ඇත.
සංඛ්‍යාන සටහන 4 – සේවක අර්ථසාධක අරමුදලෙහි කාර්යසාධනය පිළිබඳ වසර පහක සාරාංශය
අයිතමය | රුපියල් මිලියන | ||||
---|---|---|---|---|---|
2018 | 2019 | 2020 | 2021 | 2022 | |
පොලී ආදායම | 229,446.0 | 254,681.0.0 | 277,409.0 | 293,678.3 | 349,269.2 |
ලාභාංශ ආදායම | 3,887.58 | 6,247.5 | 2,985.0 | 6,685.5 | 7,527.8 |
උපලබ්ධිවූ ප්‍රාග්ධන ලාභ / ( අලාභ) | 7.22 | 0.1 | – | – | – |
ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට ඇති මුල්‍ය වත්කම් මත ශුද්ධ ලාභය / ( අලාභය) | (10,901.29) | (1,890.0) | 5,023.1 | 41,840.1 | (40,878.1) |
මුල්‍ය වත්කම් හානිකරණය | (0.6) | 0.3 | (1.6) | (1.0) | (3.9) |
ආයෝජන ආදායම | 222,440.12 | 259,038.9 | 285,418.8 | 342,202.9 | 315,915.0 |
වෙනත් ආදායම් | 402.9 | 283.8 | 212.1 | 171.7 | 270.4 |
සමස්ත දළ ආදායම | 222,843.1 | 259,322.7 | 285,630.9 | 342,374.5 | 316,185.4 |
මෙහෙයුම් වියදම් | (1,505.3) | (1581.8) | (1,645.1) | (1,646.1) | (2,133.8) |
ආදායම් බදු | (30,720.4) | (34,964.6) | (39,062.6) | (41,656.9) | (49,981.6) |
වර්ෂය සඳහා ලාභය | 190,617.4 | 227,776.4 | 244,923.2 | 299,071.4 | 264,070.0 |
ඉදිරියට ගෙනඑන ලද රදවාගත් ලාභ | 2,470.9 | 159.5 | 129.1 | 429.9 | 61.3 |
කොටස් විකිණීමෙන් ලද ප්‍රාග්ධන ලාභ | – | 90.0 | – | – | – |
ලැයිස්තුගත කොටස් වලින් උපලබ්ධි නොවු ලාභ/ අලාභ | – | – | – | (40,503.8) | 40,887.7 |
බෙදාහැරීම සඳහා ඇති ලාභය | 193,088.4 | 223,025.8 | 245,052.3 | 258,997.5 | 305,018.9 |
ඉපැයුම් අනුපාතිකය (%) | 10.4 | 10.7 | 10.6 | 11.4 | 9.51 |
ප්‍රකාශයට පත්කරනලද පොලී අනුපාතිකය (%) | 9.50 | 9.25 | 9.00 | 9.00 | 9.00 |
සේවක අර්ථසාධක අරමුදලේ අවදානම් කළමනාකරණය සඳහා පාලන රාමුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු ලෙස සේ. අ. අ. හි අවදානම් කළමනාකරණය අධීක්ෂණය කරනු ලබයි.ඒ අනුව, සේ. අ. අ. හි අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවදානම් පාලන ව්‍යුහයේ අනිවාර්ය අංගයක් ලෙස ද සැලකෙන අතර සේ. අ. අ. හි ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු ක්‍රියාකාරකම්වලට අදාළ මූල්‍ය හා මූල්‍ය නොවන අවදානම් කෙරෙහි අවධානය යොමු කරයි. සේ. අ. අ. හි අරමුදල් කළමනාකරණ ක්‍රියාකාරකම්වල අවසාන තීරණ ගැනීමේ අධිකාරිය මුදල් මණ්ඩලය වෙයි. එමඟින්, අරමුදලෙහි ආයෝජන කටයුතු සඳහා ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් සපයන අතර අරමුදල කළමනාකරණය කළ යුතු අවදානම් අභිරුචිය සහ අවදානම් දැරිය හැකි මට්ටම් වැනි සමස්ත අවදානම් පරාමිතීන් නියම කරනු ලබයි.තවද, සේ. අ. අ. හි අවදානම් කළමනාකරණ ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව (BROC) සහ සේ. අ. අ. ආයෝජන අධීක්ෂණ කමිටුව (EIOC) යන ඉහළ මට්ටමේ කමිටු දෙකක් හරහා මුදල් මණ්ඩලය විසින් අදාළ කටයුතු කළමනාකරණය කරනු ලැබේ.
අවදානම් කළමනාකරණ කාර්යය අධීක්ෂණය කිරීමේ වගකීම මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව (BROC) සතු වන අතර අරමුදල් කළමනාකරණ කටයුතුවලට අදාළ ඉහළම මට්ටමේ අධීක්ෂණ කටයුතු සේ. අ. අ. ආයෝජන අධීක්ෂණ කමිටුව (EIOC) මඟින් සිදු කරනු ලබයි. සේ. අ. අ. ආයෝජන අධීක්ෂණ කමිටුවෙහි (EIOC) කාර්යභාරය වන්නේ අරමුදල කළමනාකරණය සඳහා උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය මග පෙන්වීමක් ලබා දීමෙන් සේ. අ. අ. හි ආයෝජන කටයුතු අධීක්ෂණය කිරීමයි.තවද, සේ. අ. අරමුදල් කළමනාකරණ කටයුතුවල එදිනෙදා ආයෝජන තීරණ ගැනීමේ කාර්යයට අදාළ බලතල දෙපාර්තමේන්තු මට්ටමේ කමිටුවක් වන සේ. අ. අ. ආයෝජන කමිටුවට (EIC) පවරා ඇත. සේ. අ. අ. හි අරමුදල් කළමනාකරණ අංශයේ මැදි කාර්යාලය, ප්‍රථම පෙළ ආරක්ෂණ යාන්ත්‍රණය ලෙස දෛනික මෙහෙයුම් වල අවදානම අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබයි. ඒ අනුව, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය (IPS), උපායමාර්ගික වත්කම් විභජනයන් (SAA) සහ ආයෝජන මාර්ගෝපදේශයන්හි (IG) දී ඇති පරාමිතීන්ට අනුකූලව ආයෝජන කටයුතුවල පූර්ව හා පසු අනුකූලතාවයන් අධීක්ෂණය කරනු ලැබේ. අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව දෙවන පෙළ ආරක්ෂණ යාන්ත්‍රණය ලෙස ක්‍රියා කරන අතර ස්වාධීන ක්‍රියාවලියක් තුළින් සේ. අ. අ. හි අරමුදල් කළමනාකරණ ක්‍රියාකාරකම් හා සම්බන්ධ අවදානම් තක්සේරු කිරීම, අධීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම හරහා ආයෝජන පාලන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සැපයීමේ වගකීම දරයි.ඒ අනුව, යාවත්කාලීන කළ වෙළඳපල අවශ්‍යතාවන්ට අනුකූලව ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය (IPS), උපායමාර්ගික වත්කම් විභජනයන් (SAA) සහ ආයෝජන මාර්ගෝපදේශයන්හි (IG) සංශෝධනය කිරීම සහ යාවත්කාලීන කිරීම තුළින්, අදාළ ප්‍රතිපත්තිමය උපදෙස් සහ ආයෝජන ක්‍රියාකාරකම්වලට අදාළ මාර්ගෝපදේශ සැපයීම අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ. එමඟින්, පවත්නා වැඩ පටිපාටි වැඩිදියුණු කිරීම සහ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලනයන් පවත්වා ගනිමින් ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලියට වැඩි ස්වාධීනත්වයක් ලැබේ. තෙවන පෙළ ආරක්ෂණ යාන්ත්‍රණය ලෙස අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සේ. අ. අ. හි අරමුදල් කළමනාකරණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අවදානම් සහතිකයක් සපයනු ලබයි.
තවද, සමස්ත සේ. අ. අ. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම්වලට අදාළ මූල්‍යමය නොවන අවදානම් තීව්‍ර කිරීම සහ විසඳීම සඳහා මූල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුව (NFRMC) ලෙස වෙනම කමිටුවක් හරහා විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, මූල්‍යමය නොවන අවදානම් හඳුනා ගැනීම සහ සමාලෝචනය කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා වරින් වර සමාලෝචනයන් පවත්වනු ලැබේ.