Category: News-Sinhala

සිය සාමාජිකයින්ට වඩා හොඳ සේවාවක් සැපයීම සදහා සේවක අර්ථසාධක අරමුදල් වෙබ් අඩවිය නව්‍ය මුහුනුවකින්

අපගේ වෙබ් අඩවිය එහි සාමාජිකයින්ට සහ සේවායෝජකයින්ට වැඩිදියුණුකළ සේවා මාලාවක් ලබාදීම සඳහා අලුත්කර ඇතිබව අපි සතුටින් දන්වා සිටිමු. නව වෙබ්අඩවියේ සේවායෝජකයින් සඳහා මාර්ගගත ගෙවීම් වේදිකාවක් සහ සාමාජිකයින්ට ප්‍රවේශවීම සහිත වැඩිදියුණුකළ සේවාවන් ඇතුළත්වේ.

සේවායෝජකයින් සඳහා විද්‍යුත් ප්‍රතිලාභ පද්ධති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පෙලක්.

සේ.අ.අ දෙපාර්තමේන්තුව වාණිජ බැංකු සමඟ සහයෝගයෙන් සේවායෝජකයින් සඳහා විද්‍යුත් ප්‍රතිලාභ පද්ධති පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන් පෙලක් පවත්වනු ලැබේ. වැඩිවිස්තර සඳහා අමතන්න, සේ.අ.අ දෙපාර්තමේන්තුව: 0112206657 කොමර්ෂල් බැංකුව: 0112353480 ලංකා බැංකුව: 0112471613 මහජන බැංකුව: 0112323174 සම්පත් බැංකුව: 0114730331 හැටන් නැෂනල් බැංකුව: 0112661976

2020 වර්ෂයේ පළමු මාසහයට අදාල සාමාජික ගිණුම් ප්‍රකාශ ඉතා ඉක්මනින් ලබා ගත හැකිය.

2020 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැරකරනලද දායකත්වය පෙන්වන 2020 පළමුභාගය සඳහා සාමාජිකයන්ගේ ගිණුම්ප්‍රකාශ අදාළ සාමාජිකයන් අතර බෙදාහැරීම සඳහා අදාළ සේවායෝජකයන්ට ඉක්මනින් තැපැල් කරනුලැබේ.