සංශෝධන

සේවක අර්ථසාධක අරමුදල තොරතුරු සංශෝධන

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජික වාර්තාවල පවතින නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ දායක මුදල් විස්තර සම්බන්ධ විෂමතා නිවැරදි කිරීම මේ යටතේ සිදු කරනු ලැබේ.

ප්‍රධාන කාර්යාලය

  • සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, වයිට්වේස් ගොඩනැගිල්ල, කොළඹ 01

ප්‍රාදේශීය කාර්යාල

  • මාතර, අනුරාධපුරය, මාතලේ, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, නුවරඑළිය

    • A වර්ගය: සාමාජික නම / ජාතික හැඳුනුම්පත් අංක සංශෝධනය
    • B වර්ගය: සාමාජික ගිණුම් සංශෝධනය

අනිවාර්ය ලේඛන

  • AMD 1 ආකෘති පත්‍රය ⬇ Download Form
  • සහතික කළ ජාතික හැඳුනුම්පතේ පිටපත (ශ්‍රී ලාංකිකයන් සඳහා)
  • ගමන් බලපත්‍රයේ පිටපත (විදේශිකයන් සඳහා)
  • සහතික කළ බී කාඩ්පතේ පිටපත

අදාළ වන අවස්ථාවලදී ඉදිරිපත් කළ යුතු ලේඛන

  • විවාහ සහතිකය / දික්කසාද සහතිකය (විවාහය හේතුවෙන් නම වෙනස්වන අවස්ථාවන්හිදී)
  • උප්පැන්න සහතිකය (13 වන තීරයෙන් නම වෙනස් කර ඇති අවස්ථාවන්හි දී)
  • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපිය (DRP Letter) (ජාතික හැඳුනුම්පත් අංකය පෙර අංකයෙන් සම්පූර්ණ වෙනස්වන විටෙක දී)
  • කම්කරු දෙපාර්තමේන්තුවේ නිර්දේශය

අනිවාර්ය ලේඛන

    • සේවායෝජකයාගේ ඉල්ලීම් ලිපිය
    • සහතික කළ ජාතික හැඳුනුම්පතේ පිටපත (ශ්‍රී ලාංකිකයන් සඳහා)
    • ගමන් බලපත්‍රයේ පිටපත (විදේශිකයන් සඳහා)
    • සහතික කළ බී කාඩ්පතේ පිටපත
    • සම්පූර්ණ දායක මුදල් විස්තර වාර්තාව ⬇ Download Statement

අනෙකුත් ලේඛන

  • AMD 1 ආකෘති පත්‍රය ⬇ Download Form
    (සාමාජිකයෙකුගේ නම හෝ ජාතික හැඳුනුම්පත් අංකය සංශෝධනය කිරීමට අවශ්‍ය අවස්ථාවන්හිදී)

⚠️ වැදගත් දැනුම්දීම්:
  • අවශ්‍ය ලිපි ලේඛන සහතික කිරීම ආයතනය (සේවායෝජකයා) මඟින් සිදු කල යුතුය.
  • අක්‍රීය ආයතනවල සාමාජික අංක යටතේ සංශෝධන සඳහා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු වන්න.
  • සංශෝධන ඉල්ලීමේ ස්වභාවය අනුව, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් අතිරේක ලේඛන හෝ තොරතුරු ඉල්ලා සිටිය හැකිය.