# | ප්‍රශ්ණය | පිළිතුර |
---|---|---|
1 | සේවක අර්ථසාධක අරමුදල් ශේෂය සඳහා සාමාජිකයෙකුට පොලී ගෙවීම් ලැබේද? | අර්ථසාධක අරමුදල සඳහා සාමාජිකයාට පොලී උපයා ගත හැකි නමුත් ප්‍රතිශතය වසරින් වසර වෙනස් වන අතර මුදල් මණ්ඩලය විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවයෙන් ප්‍රකාශයට පත් කෙරේ. |
2 | ශේෂ ප්‍රකාශ ලබා ගැනීමට සාමාජිකයෙකුට කොපමණ කාලයක් ගතවේද? | සේ.අ.අ. දෙපාර්තමේන්තුව සෑම මාස 6 කට වරක් සාමාජිකයින්ගේ අර්ධ වාර්ෂික ගිණුම් ප්‍රකාශන සේවායෝජකයා වෙත යවනු ලබන අතර සේවායෝජකයා විසින් සේවකයින් අතර සාමාජික ප්‍රකාශ බෙදා හැරිය යුතුය. |
3 | සාමාජිකයෙකුට ප්‍රතිලාභීන් නැවත නම් කළ හැක්කේ කෙසේද? | පවත්නා නාමයෝජනා අවලංගු කර ඕනෑම වේලාවක ප්‍රතිලාභීන් නැවත නම් කළ හැකිය. නිසි පරිදි සම්පුර්ණ කරන ලද “ J” ආකෘති පත්‍රය ප්‍රතිලාභීන් නැවත නම් කිරීම සඳහා ඔබ ජීවත් වන ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට යැවිය යුතුය. |
4 | සාමාජිකයෙකුට ප්‍රතිලාභ ලබාගත හැක්කේ කවදාද? |
|
5 | අරමුදලේ කටයුතු සඳහා විශ්‍රාම් යා හැකි වයස කුමක් ද ? | පිරිමියෙකු නම්, වයස අවුරුදු පනස් පහක් හෝ කාන්තාවක නම් වයස අවුරුදු පනහක් වනවන විටරැකියාවෙන් ඉවත් වීම. |
6 | විවාහ වීමේ හේතුව මත කාන්තාවකට ප්‍රතිලාභ ලබා ගත හැක්කේ කෙසේ ද ? | පහත දක්වා ඇති පරිදි විවාහ හේතු මත සේවය හැර ගිය විට
|
7 | පූර්ව විශ්‍රාම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද ? | සමාජිකයින් නිවාස ණය සඳහා පහත පරිදි සුදුසුකම් ලබයි,
නිවාස ණය ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මෑතක දී ලබාගත් ශේෂ සටහනක් සමගින් ලඟම ඇති කම්කරු කාර්යාලයට පිවිසෙන්න. |
8 | නිවාස ණය වාරික නිසි කලට නොගෙවන්නේ නම් සාමාජික ගිණුම් ශේෂයට කුමක් සිදු වේ ද | නිවාස ණය පැහැර හැරීම් (නොගෙවූ වාරික) සහඅධිභාර පොලියක්සාමාජික ගිණුමෙන් අඩු කරණු ලැබේ. |
9 | 30% පූර්ව විශ්‍රාම ප්‍රතිලාභ සඳහා වන සුදුසුකම් මොනවා ද? | වසර දහයකට වඩා වැඩි කාලයක් දායක මුදල් ලැබෙන ලද මුළු ශේෂය රුපියල් ලක්ෂ තුනට වඩා වැඩි සක්‍රීය සාමාජිකයින්ට නිවාස හෝ සෞඛ්‍ය හේතූන් සඳහා මේ වෙනුවෙන් අයදුම් කළ හැක |
10 | ප්‍රකාශයක නම නිවැරදිව දිස් නොවන්නේ නම් සාමාජිකයෙකු කළ යුත්තේ කුමක්ද? | මෙම විෂමතාවයන් බී කාඩ් පත්‍රය, සී වාර්තා හෝ වෙනත් තොරතුරු ඇතුලත් කරන ඕනැම ආවස්ථාවක සිදුවිය හැකි බැවින් , ඔබ විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව හා කම්කරු දෙපාර්තමේන්තුව යන දත්ත පද්ධති දෙකෙහිමතොරතුරු පරීක්ශා කර බැලිය යුතුය. සාරාංශගත පියවර විය යුත්තේ;
|
11 | නම/ජාතික හැදුනුම්පතේ තොරතුරු සංශෝධනයක් සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද ? |
|
12 | සේවායෝජකයා නිවැරදිව දායක මුදල් බැර කර නොමැති බව අනාවරණය වුවහොත් සාමාජිකයින්ට කුමන ක්‍රියාමාර්ගයක් ගත හැකි ද ? | සාමාජිකයා වහාම කම්කරු දෙපාර්තමේන්තුවට විධිමත් පැමිණිල්ලක් කළ යුතුය. |
13 | වීසා බලපත්‍ර අරමුණු සඳහා සාමාජිකයෙකුට ශේෂ තහවුරු කිරීමක් හෝ දායකත්ව ඉතිහාස වාර්තාවක් ලබා ගන්නේ කෙසේද? |
වැඩි විස්තර සඳහා,සාමාජික-ප්‍රකාශන වෙත පිවිසෙන්න. |
14 | සාමාජිකයෙකුගේ සාමාජික ශේෂය පරීක්ෂා කරන්නේ කෙසේද ? |
|
15 | සේ.අ.අ. දෙපාර්තමේන්තුවේ තැපැල් ලිපිනය කුමක්ද? | අධිකාරි, සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව, නො. 25, වයිටවේස් ගොඩනැගිල්ල, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01. |
16 | සාමාජිකයන් වෙනුවෙන් සේ.අ.අ. ණය වාරික ගෙවන්නේද? | නැත, බැංකුව සමඟ එකඟ වූ පරිදි ණය වාරික ගෙවීම සාමාජිකයාගේ වගකීම වේ. |
17 | මුදල් ආපසු ලබා ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද? | සුදුසුකම් ලත් අයදුම්කරු “ බී ” කාඩ්පත සමඟ “කේ” ආකෘති පත්‍රය නිසි පරිදි පුරවා ළඟම ඇති කම්කරු කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර සඳහා කරුණාකර ළඟම ඇති කම්කරු කාර්යාලය අමතන්න . |
18 | සාමාජික මියගොස් ඇති විටෙක ශේෂය බලාගැනීමේ පටිපාටිය කුමක් ද? | මියගිය සාමාජිකයෙකු සම්බන්ධයෙන් නීතිමය උරුමක්කාරයෙකුට ශේෂ ප්‍රකාශයක් සැපයිය හැක්කේ කම්කරු කාර්යාලයට පමණි. |
19 | කම්කරු කොමසාරිස් විසින් ගෙවීම් නියෝගයක්මහ බැංකුවට (තීරණ ලිපිය) යැවීමෙන් පසු සාමාජිකයෙකුට මුදල් ආපසු ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද? | ඔබගේ අයදුම්පතෙහි තොරතුරු සේ අ අ හී තොරතුරු සමග නොගැලපීමක් නැතිනම්, වැඩකරන දින දෙකක් ඇතුලත පතිලාභ මුදල් බැංකු ගිණුමට ගිණුම්ගත වීම හෝ චෙක් පතක් නිකුත් වීම සිදුවනු ඇති. |
20 | මුදල් ආපසු ගෙවීම් කරන්නේ කෙසේද? | රු. 5,000,000 / – ක් ඉක්ම නොවන ප්‍රතිලාභ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති (SLIPS) හරහා අයදුම්කරු විසින් සපයනු ලබන බැංකු ගිණුමට බැර කරනු ලැබේ.
ප්‍රතිලාභමුදල රුපියල් 5,000,000 / – ඉක්මවන විට චෙක්පතක් නිකුත් කරන අතර අයදුම්කරු විසින් ප්‍රතිලාභහිමිකම් පෝරමයේ සඳහන් කරන ලද තැපැල් ලිපිනයට තැපැල් කරනු ලැබේ . |
21 | සේ.අ.අ. 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණු මොනවාද? | සේ.අ.අ. 30% පූර්ව ප්‍රතිලාභ ගෙවනු ලබන්නේ නිවාස අරමුණු සඳහා හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පමණි. වැඩි විස්තර සඳහා පූර්ව විශ්‍රාම ප්‍රතිලාභ වෙබ් පිටුව බලන්න. |
22 | නඩු මගින් උපයාගත් දායක මුදල් යාවත්කාලීන කිරීම පිළිබඳව දැන ගන්නේ කෙසේද? | අදාළ කම්කරු කාර්යාලයෙන් සහ සේ.අ.අ. වෙතින් චෙක් අංකය, කාල සීමාව, නඩු අංකය සහ සේවා යෝජකයාගේ අංකය ලබා දී විමසීමක් කරන්න. |
23 | නොගෙවූ ශේෂයන් ලබා ගන්නේ කෙසේද? | සේ.අ.අ., නොගෙවූ ශේෂයන් මාසිකව ස්වයංක්‍රීයව ගෙවන අතර, නොලැබුනේ නම් නිසි පරිදි පුරවා ඇති කොටස් ගෙවීමේ අයදුම්පත ඉදිරිපත් කරන්න |
24 | විශ්‍රාම යන වයසට ළඟා වූ වහාම මුදල් ආපසු ගැනීම අනිවාර්යද? | නැත, ඔබේ අභිමතය පරිදි අයදුම් කරන්න |
25 | සේ.අ.අ.ප්‍රතිලාභසඳහා බදු අය කළ හැකිද? | නැත |
26 | සාමාජිකයින්ගේ අර්ධ වාර්ෂික ගිණුම් ප්‍රකාශනවල අදාල මාසවලට දායක මුදල් ගිණුම් ගත වී නොමැතිනම් සාමාජිකයින් කුමක් කළ යුතු ද ? | සේවායෝජකයා අදාල කාලය සඳහා නිසි කලට දායක මුදල් ගෙවා ඇති ද යන්න තහවුරු කර ගන්න, එසේ නම් සේ අ අ අමතා යාවත්කාලීන නොවීමට හේතු විමසන්න. බොහෝ විට නිවැරදි සී වාර්තා හෝ විද්‍යුත් වාර්තා නැවත එවීමෙන් මෙම තත්වය මග හරවා ගත හැකිය. |
27 | සාමාජිකයකුට පළමු හිමිකම් පෑමෙන් පසු නැවත හිමිකම් පෑමක් කළ හැකිද ? | පළමු හිමිකම් පෑමෙන් වසර 5 ක් ඇතුළත ඉල්ලීමක් කළ නොහැක |
28 | පළමු හිමිකම් පෑමේ දී ලබාදුන් බැංකු ගිණුම වසා දමා හෝ අක්‍රීය වී ඇතිනම්, නොගෙවූ ශේෂයක් සඳහා අයදුම් කිරීමේ දී කුමක් කළ යුතු ද ? | අදාල කම්කරු කාර්යාලය මගින් නව බැංකු ගිණුම් අංකය
සඳහන් කර සංශෝධිත තීරණලිපියක් සමග නොගෙවූ ශේෂයන් ආපසු ලබා ගැනීමේ අයදුම් පතක් යොමු කරන්න. |
29 | මාර්ගගත ක්‍රමය යටතේ සේ.අ.අ සාමාජික ගිණුම් ශේෂයන් පරීක්ෂා කිරීමට ලියාපදිංචි වන්නේ කෙසේද? | මහබැංකුවේ වෙබ්අඩවියට පිවිස (www.epf.lk ) මාර්ගගත ක්‍රමය යටතෙ සේ.අ.අ සාමාජික ගිණුම් ශේෂයන් පරීක්ෂා කිරීමට අදාල පෝරමය(WR 1) බාගත කරගන්න. සම්පූර්ණ කරනලද පෝරමයේ දෘඩ පිටපත (Hard Copy) සමගජාතික හැඳුනුම්පතෙහි සේව්‍යා විසින් සහතිකකළ ඡායා පිටපතක් සමග පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කරන්න. තැපැල් කළයුතු ලිපිනය අධිකාරි, සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව, නො. 25, වයිටවේස් ගොඩනැගිල්ල, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01. |
30 | සාමාජිකයෙකුට මුදල් ආපසු ගෙවීමේ ප්‍රකාශයේ (RS / RC) පිටපතක් ලබා ගන්නේ කෙසේද? | ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමඟ ඉල්ලීම් ලිපියක් යැවීමෙන් |
31 | නොගෙවූ ශේෂයන් ආපසු ලබා ගැනීම සඳහා සාමාජිකයෙකුට ඉල්ලුම් කළ හැක්කේ කෙසේද? | නොගෙවූ ශේෂයන් ආපසු ලබාගැනීමේ අයදුම් පතක් අධිකාරි, සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව, නො. 25, වයිටවේස් ගොඩනැගිල්ල, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01. යන ලිපිනයට ගෙනැවිත් බාරදීමෙන් හෝ තැපල් මගින් ලැබෙන්නට සැලැස්වීමෙන් |
32 | නොගෙවූ ශේෂයන් ආපසුලැබීමට සාමාජිකයෙකුට කොපමණ කාලයක් ගතවේද? | දායක මුදල් යාවත්කාලීන කිරීමෙන් සති දෙකක් ඇතුලත |
33 | තවම යාවත්කාලීන කර නොමැති නම් සාමාජිකයෙකුට නොගෙවූ ශේෂයන් හදිසියේ ලබා ගන්නේ කෙසේද? | සාමාජිකයා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ජංගම දායක මුදල් රැස්කිරීම් අංශය හෝ විද්‍යුත් දායක මුදල් රැස්කිරීම් අංශය සම්බන්ධකර ගෙන අදාල උපදෙස් ලබා ගත යුතුයි. |
34 | වැරදි හෝ වැසූ බැංකු ගිණුමක් හේතුවෙන් ප්‍රතිලාභ අයදුමක් හරවා යැවුන අවස්ථාවක දී සාමාජිකයින් කුමක් කළ යුතු ද ? | ඔබට සේ.අ.අ. වෙතින් ලිපියක් ලැබුණු විට, නිවැරදි විස්තර සහිතව අදාළ කම්කරු දෙපාර්තමේන්තුවට පිවිසෙන්න. |
35 | ප්‍රතිලාභ චෙක් පත නොලැබුන විට දී හෝ නැති වූ විටකදී ප්‍රතිලාභ ලබා ගැනීමට කුමක් කළ යුතු ද ? | චෙක්පතේ වලංගු කාලය කල් ඉකුත් වූ පසු, සේ.අ.අ. දෙපාර්තමේන්තුවේ ප්‍රතිලාභගෙවීමේ අංශයෙන් නව චෙක්පතක් ඉල්ලා සිටිය හැකිය. |