🚨 දැනුම්දීමයි 🚨

පද්ධති නඩත්තු කටයුත්තක් හේතුවෙන් සේවා තාවකාලිකව අත්හිටුවීම

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) මාර්ගගත සහ පුද්ගලික සේවා තාවකාලිකව අත්හිටුවීම

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ (EPFD) පද්ධතිවල සිදු කරනු ලබන අනිවාර්ය වාර්ෂික යාවත්කාලීන කිරීමේ කටයුත්තක් පිළිබඳව සියලුම සාමාජිකයින්, සේවා යෝජකයින් සහ පොදු මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙම අත්‍යවශ්‍ය යාවත්කාලීන කිරීම් හේතුවෙන්, පහත සඳහන් ස්ථානවල දී සාමාජිකයින් හා සේවායෝජකයින් සඳහා ලබාදෙන සේවා සහ සියලුම මාර්ගගත (Online) සේවා තාවකාලිකව අත්හිටුවනු ලැබේ:

  • සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සේවා මධ්‍යස්ථානය (වයිටවේස් ගොඩනැගිල්ල, අංක 25, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01)
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල

ආරම්භය: 2026 මැයි 08 වන සිකුරාදා දින දහවල් 12:00 සිට
යථා තත්ත්වයට පත්වීම: 2026 මැයි 11 වන සඳුදා දින දහවල් 12:00 ට

මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ඔබ දක්වන සහයෝගය අගය කරමු.


කළමනාකාරීත්වය
සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව